දේශීය වෛද්‍ය විද්‍යාව වනාහි ජීවිත පැවැත්ම පිළිබඳ විiාවකි. එය න්‍යායාත්මක දැනීම සම්ප්‍රේශනය කරන්නක් නොව දෛනික පැවැත්ම ආරක්ෂාකර ගැනීමට උපකාර කරමින් ශරීරයේ ආත්මයේ හා අධ්‍යාත්මයේ සුසංගමය ප්‍රතිස්ථාපනය කොට පවත්වා ගෙන යාමට උපකාර කරන ප්‍රායෝගික රීතීන්ය.’හෙළ වෙදකම යනු රෝගියාට නොව රෝග මූලයට ප්‍රතිකාර කරනු ලබන ක්‍රමයකි’
ශ්‍රි ලංකාව තුල ප්‍රධාන වශයෙන් දැකගතහැකි වෛi විiාවන් කිහිපයක් පවතී. එනම්,
■ බටහිර වෛද්‍ය ක්‍රමය
■ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
■ දේශීය වෛද්‍ය ක්‍රමය
ආයුර්වේද වෛi ක්‍රමය යනුවෙන් අදහස් වනුයේ ඉන්දියාවෙන් සම්භවය ලද පසුව ශ්‍රී ලංකාවෙහි ස්ථාපිත වූ වෛද්‍ය ක්‍රමවේදයන්ය.මානව වර්ගයාගේ ආරම්භය තරම් ම ආයුර්වේදය පැරණිවේ. එය බොහෝ උගතුන් හා බුද්ධිමතුන් විසින් ස්වභාවික විiාවක් ලෙස පිළිගනු ලැබු වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදය යනු සංස්කෘතික පදයක් වන අතර එසේ වූයේ ’ආයු’ යන්නෙන් ආයුෂත් ’වේදය’ යන්නෙන් ඥානය ලෙසත් ගම්‍ය වේ. මෙම ඉන්දියානු වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එය දේශීය චිකිස්සාව සමඟ සම්මිශ්‍රනය වී පවතී. මෙම විiාවන් අතීතයේ සිටම හුවමාරු වූ බවට සාකෂි පවතී. වාල්මිකිගේ රාමායනය එවැන්නකි. රාමාහට විෂ පෙවූ හීයකින් සිහිමුර්ජා වූ පසු එයට ප්‍රතිකාර කිරීමට වීභීෂණ ඖෂධ නියම කරවයි. විභීෂණ යනු රාවණාගේ සොහොයුරෙකි. මේ අනුව රවණා ඇතුලු රාජ පරම්පරාවන් මෙම දේශීය වෛi විiාවේ පදනම සැපයූ බවත් ආයුර්වේදයට වඩා දේශිය වෛද්‍ය විද්‍යාව පැරණි බවත් සදහන් කල හැකිවේ.
හෙළ වෙදකම යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකාව තුල පවතින පෞරාණික උරුමන්ගේ දායාදයක් ලෙස දැක්විය හැක. මෙම හෙළ වෙදකම ක්‍රමානුකූල ආරම්භය ලෙස සලකනුයේ රාවණා රාජ්‍යය සමයේදීය. වර්තමාන දේශීය වෛiවරුන් පෙන්වා දෙන අන්දමට මෙම රජ්‍ය සමය තුළ වෛද්‍ය විiාව විවධ කොටස්වලට වෙන්කොට කරමින් විවිධ පරම්පරාවන් සඳහා එම කොටස් ඉගැන්වීමේ සහ සංරක්ෂණය කිරීම සඳහා ලබාදී ඇත. මෙහිදී තව දුරටත් වෛද්‍යවරුන් පෙන්වාදෙනුයේ මෙම වෛද්‍ය විද්‍යාව රාවණා රජුට පෙර පැවතිය බවත් රවණා රජු විසින් එය ක්‍රමානු කුලව ඉගැන්වීමට සහ අධ්‍යයනය පහසුව සඳහා විෂය ක්ෂේත්‍රයන් බෙදා දක්වා ඇති බවය. මෙම දේශීය වෛද් විද්‍යාව චිකිස්සක ක්‍රමයන් නිල ශ්‍රාස්ත්‍ර ක්‍රමයන් ප්‍රබල වශයෙන් රොගින් සුව කිරීම සඳහා යොදාගනු ලබයි.
මෙම වෙදකම දඩයම් යුගයේ සිටම ස්වභාවික ප්‍රතිකාරය නොහොත් දේශීය වෙදකම මෙරට භාවිතයට පැවතිණි. වර්තමානයේදී පොළොන්නරුව ලෙස හැඳින්වෙන පුලස්තිපුරයේ දේශීය වෛi විiාවේ පියා ලෙස සැලකෙන පුලස්ති සෘෂිවරයාගේ පිළිරුව පිහිටා ඇත. එහි හිස පිටුපස ’පුලතස’ලෙස සදහන් කොට ඇත. මේ අනුව මිනිසාගේ ලෙඩ රෝගවලට පිලියම් කිරීම සඳහා හොදින් ස්ථාපනය වූ වෛi ප්‍රතිකාර ක්‍රමයක් මෙරට පැවති බවට එම ප්‍රතිමාව සාක්ෂි සපයයි.
අපේ හෙළ වෙද උරුමයන් හා සෞඛ්‍ය ආදින් වසර දහස් ගනකාවකට ඈත අතීතයට දිව යය. එය තහවුරු කිරීමේදී වාර්තා ගත අතීතයට වඩා සම්ප්‍රදාය හා ජනශ්‍රැතිය ස්වරූපයෙන් පිලිඔුවේ. අතීත ජනප්‍රවාද වල එන (තව දුරටත් ජනප්‍රවාද නොවේ) රජවරු විශේෂයෙන්ම බාලි,තරු හා රාවණා යන රජ දවස සෞඛ්‍ය සංවර්දනය වෙනුවෙන් කළ කැපවීම පිළිබඳව ප්‍රසිද්ධය. එහිදි ජම්බුද්වීපයේ පැවති ප්‍රථම ජාත්‍යයන්තර වෛi සම්මන්ත්‍රණයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පුලස්ති සෘෂිවරයා සහභාගී වූ බවට ඉන්දියානු පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතී. එ අනුව පුලස්ති සෘෂිවරයා ශ්‍රී ලාංකික හෙළ වෛi විiාව ලොවට හදුන්වාදෙනු ලැබීය.
මේ අනුව ශ්‍රී ලාංකික වෛi විiාත්මක උරුමය ප්‍රාග්ඓතිහාසික යුගය තෙක් ඈතට විහීදී යයි. පැරණි සිංහලයෝ රොහල් සංස්කෘතිය ප්‍රථම වතාවට ලොවට දායාද කරනු ලැබීය. ’ක්‍රි පූ 4 වන සියවසෙහි අනුරාධපුරයේ සිය රාජධානිය පිහිට වූ පණ්ඩුකාභය රජදවස රටපුරා විවිධ ගිමන්හල් සහ රොහල් ඉදිකළහ.’(අපේ හෙළ උරුමය).
මහාචාර්්‍යය අර්ජුන අලුවිහාරේ සඳහන් කරන අන්දමට රොහල් ක්‍රමය ලොවට දයාද කර ඇත්තේ අතීත හෙළයන් විසින්ය. (විදුසර විද්‍යා සඟරාව නොවැම්බර් 1993) යන ලිපියෙහි දැක්වෙන පරිදි රොහලක් පිළිබඳ මෙතෙක් හමුවූ පැරණිතම සාධකය ලෙස මිහින්තලේ නටබුන් සහ රිටිගල ප්‍රදේශය තුල පවතින නටබුන් දැත්විය හැක. එහෙයින් ඊ.මුලර් ඩියට්ස් ට අනුව (්‍යසිඑදරස් ්‍යČචසඒකසමප 1975) මිහින්තලේ රෝහල පැරණිතම රෝහල ලෙස දැක්විය හැක.
අතීත හෙළ වෙද කම ප්‍රචාරණය සඳහා පැවති සාක්ෂි ලෙස පහත දැක්වෙන සාධක ඇසුරින් දැක්විය හැක. එදා හෙළ වැසියන් මෙෘර්ය ඉන්දියාව සමඟ ඉතා සමීප සබඳතා පැවත් වූහ. එමගින් ඉන්දීය ඇතැම් ඖෂධ වර්ග දේශිය ජනතාව අතර ව්‍යාප්තවීමට පහසුකම් සැලසෙන්නට ඇත. අශෝක රජුගේ ගිරිනාථ පර්වත ලිපියෙහි ආඥාව සඳහන් කර ඇත්තේ තමා තම්බපන්නිය දක්වා සිටින සියලු මනුෂ්‍යන්ට හා සතුන්ට ඖෂධ හා වෛi ආධාර සැපයූ බවයි. අපගේ දේශිය ඥානය කාලයත් සමඟ නිදහසේ වර්ධනය වූ අතර ඒ නිසා සෙසු වෛi ක්‍රම අතරින් වෙන්ස් විය. කැපී පෙනෙන අද්වීතීය ලක්ෂණ ගනනාවකින් එය වෙනස් විය.
බුද්ධදාස රජ දවස ඔහු ප්‍රධාන හෙළ වෛi වරයතු ලෙස කටයුතු කර පවතින අතර අතීත වංශකතා වලට අනුව සර්වාංග වෛi විiාව ශල්‍යකර්ම ප්‍රසවවේදය හා පශූවෛi විiාව ආදිමෙහි ප්‍රවීනයතු ලෙස දක්වයි.
මැදිරිගිරියේ හා පොළොන්නරුවේ පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් තවත් රොහල් වල කැණීම් කටයුතු කර ඇත. මෙම රොහල තුලින් බෙහෙත් ඔරු,ඖෂධ ඇඹරූ ඖෂධ ඇඹරුම් ගල්,ශල්‍යකර්ම කතුරු,තඹ උපකරණ විශාල ප්‍රමාණයක් සොයාගන්නා ලදී.
ආචාර්ය සී ජී ඌරගොඩ ’ශ්‍රී ලංකාවේ පවතින සමහර සාම්ප්‍රදායික ඇදහිලි හා පුරුදුවලට ඇති විiාත්මක පදනම’( ් ිජසැබඑසසෙජ ඊ්ිසි දෙර ිදපැ ඊැකසැf ) චර්ජඑසජැිතන්‍ඍ්ීරැීඛ 1989රැ1990) පෙන්වා දී ඇත්තේ සාම්ප්‍රදායික දේශීය වෛi සංකල්පය පුරුදු හා ඖෂධ වලට හොඳ විiාත්මක පදනමක් පවතින බවටය.
සියවස් ගනනාවකට අතීතයේ පැවති ප්‍රායෝගික ක්‍රමයක් ලෙස මෙම හෙළ වෛද්‍ය ක්‍රමය හඳුනා ගතහැකි වේ. ශ්‍රි ලංකාව පවතින වෛi දේශිය දැනුම වර්තමානය තුළ නව ප්‍රවනතාවයක් ලෙසින් දක්නට ඇති වුවත් එය ඇතැම් සීමිත පරාසයන්ට පමණක් සීමා වී ඇති බව දක්නට ඇත. මෙහිදී වෛi දේශීය දැනුම පිළිබඳව පවතින ආයතනයන් හරහා එම දේශීය දැනුම සන්නිවේදනය කෙරෙහි කොතරම් දුරට සක්‍රීයව ක්‍රීයා කිරීමක් දක්නට නොහැකි වුවද හෙළ උරුමය ආරක්ෂාව යටතේ සංස්කෘතික අමාත්‍යංශය යටතේ විවිධ වැඩසටහන් ක්‍රියා කරනු ලබයි.වෛi ක්‍රමවේදයන්හි පෞරාණික ස්වභාය හා එහි පවතින විද්‍යාත්මක ස්වභාවය හඳුනා ගත හැකිවේ. මේ අනුව එම දේශිය දැනුම සංරක්ෂණය හා ප්‍රචාරණය කිරීම සඳහා වර්තමානයේ පවතින තාක්ෂණය යොදා ගත යුතුවේ.ඉහත සඳහන් පරිදි දේශිය වෛද්‍ය දැනුම පිළිබඳ මෙම අධ්‍යන තුලින් ඉදිරියට සිදුකිරීමේදී මෙම දේශීය වෛi දැනුම (හෙළ වෙදකම) තුළ නොදුටු පරාසන් ඇති අතර එම පරාසයන් තුළ පවතින දැනුම අනාගත පරපුර සඳහා නවීන තාක්ෂණික දැනුම සමඟ සම්බන්ධ වෙමින් එය සංරක්ෂණය ඵීමත් සමඟ සන්නිවේදන මාධ්‍ය හරහා ප්‍රචාරණය වීම අවශ්‍යතාවයක් ලෙස දැක්විය හැක.
වර්තමාන ලෝකය පුරා බටහිර වෛi ක්‍රමයෙහි ප්‍රචලිත වීමක් දැකගත හැකිය. මෙම වෛi ක්‍රමයන් ප්‍රචලිත වීම සඳහා සිදුකරන ලබන පර්යේෂණයන්,භාවිතාකරනු ලබන සන්නිවේදන ක්‍රමයන් ප්‍රධාන වශයෙන් බලපෑම් සිදුකර ඇති බව හඳුනා ගත හැකිවේ. මේ අනුව සංවර්ධනය වෙම්න පවතින රාජ්‍යයන් තුලද මෙම වෛi ක්‍රමය ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුවක් ලෙස මෙම සන්නිවේදන මාධ්‍යය හඳුනාගත හැකිය.
මේ අනුව වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල අතීතයේ පටන් වෙද පරම්පරාවන් කිහිපයක් දිවයින පුරා ව්‍යාප්තව පවතී. මෙම වෙද පරම්පරාවන් ඔවුනට ආවේනික වූ ප්‍රදේශයේ තුල තම දැනුම ගොඩනගමින් අනාගත පරම්පරා සඳහා සුරක්ෂිත කිරීමට ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි. අතීතයේ සිට මේ දක්වා පුස්කොල ග්‍රන්තයන් තුල මෙම දැනුම ගබඩා කර ඇති අතර ඇතමෙක් දැනුම මුඛාශ්‍රිතව පවත්වා ගනමින් සිටී. මෙසේ දැනුම පවත්වා ගෙන යාමේදී එම දැනුම ඇතැම් විට භාවිතා නොකරන ලද හෙයින් එම දැනුම ක්ෂය වීමට පවතින හැකියාව බොහෝය. එහෙත් මෙම දැනුම සංරක්ෂණය හා ප්‍රචාරණය කිරීම සඳහා යොදාගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව විධිමත් සටහනක් දක්නට නොපවතී.
වර්තමානයේ ලෝකයේ බිහිවී තිබෙන තොරතුරු සන්නිවේදන මාධ්‍යය ලෙස අන්තර්ජාලය හඳුන්වා දිය හැක.මෙහිදී අන්තර්ජාලයේ ප්‍රයෝජන හා වැදගත්කම ලොව විශාල ක්ෂේත්‍රයන් කිහිපයකට බලපා ඇත. මේ අතරින් තොරතුරු අවශ්‍යතා ඉටු කර ගනු ලබන මාධ්‍යයක් වශයෙන් අන්තර්ජාලය වැදගත් වේ. මෙම දේශීය වෛද්‍යක්‍රම ප්‍රචාරණය කිරීමෙහිලා විශේෂ කාර්්‍යයභාරයක් අන්තර්ජාලය හරහා ලබාදෙනු ඇත.
නව තාක්ෂණය හමුවේ වුවද, අතීත හෙළ උරුමය තුළ පවතින දේශීය ඥානය වර්තමානය වන විට යථාර්ථයක් වන්නට මෙන්ම විද්‍යාත්මක වශයෙන් වැදගත් වේ. මේ නිසාවෙන් දේශීය වෛද්‍ය දැනුම මත පවතින විද්‍යාත්මක තත්වයන් පිළිබඳ පර්යේෂණයන් පැවැත්වීමට එම දැනුම ව්‍යාප්ත කිරීම සඳහා විවිධ වූ කරුණු කාරණා විශාල පරාසයක් හමුවේ මෙම අධ්‍යයනය තුළින් හඳුනාගත හැකි වේ.
තවද, තාක්ෂණික මෙවලම් වර්ධනය සමග සන්නිවේදන තාක්ෂණික උපාය මාර්ග භාවිතා කරමින් එම දැනුම අවශ්‍යතා සහිත පුද්ගලයන් හට ලබා ගැනීමට හැකි වන පරිදි විවිධ ක්‍රියා මාර්ග නිර්මාණය කිරීම, මෙම අධ්‍යයනයේදී වැදගත්කමක් ලෙස දැක්විය හැක. වෛද්‍ය තාක්ෂණය හදාරනු ලබන ශිෂ්‍යයින් පර්යේෂණ පැවැත්වීමට, හෙළ වෛද්‍ය තාක්ෂණය සංරක්ෂණය කිරීමට, අන්තර්ජාලය තාක්ෂණය මගින් වෛද්‍ය ක්ෂෙත්‍රයේ අනාගත උන්නතිය උදෙසා තොරතුරු අත්පත් කරගැනීම වැනි සාධක මත මෙම අධ්‍යයනය වැදගත් වේ.
දේශිය වෛද්‍ය දැනුම වර්තමානය වන විට සංරක්ෂණය හා ප්‍රචාරණය සඳහා ක්‍රමවත් ක්‍රියාපිළිවෙතක් නොමැති අතර ද, එම දේශීය දැනුම සංරක්ෂණයෙහි වැදගත්කම පිළිබදව අවශ්‍යය පාර්ශවයන් වෙත දැනුවත් කළ යුතුවේ. මේ අනුව ශ්‍රී ලංකාව තුල දේශීය වෛද්‍ය දැනුම සංරක්ෂණය හා ප්‍රචාරණය යන කරුණු හමුවේ 21වන ශතවර්ශයෙහි විශාල පරිණාමයන් සිදු කල තාක්ෂණික ක්‍රමය වන තොරතුරු තාක්ෂණය හරහා මෙම දැනුම මනා කළමණාකාරිත්වයෙන් යුතුව සිදු කල හැකිවේ.මේ අනුව
දත්ත පදනම් නිර්මාණය මඟින්
වෙබ් පිටු මගින්
සංඛ්‍යාන්තික පුස්තකාළ මඟින්
ඉහත ක්‍රම මඟින් දැනුම සංරක්ෂණය හා බෙදාහැරිම සිදු කිරීමේදී රාජ්‍යය අනුග්‍රහය යටතේ මේ සඳහා ආයතනයක් හරහා සිදුකිරීම වඩා යොග්‍යය වේ.දේශිය වෛiවරුන්ව තොරතුරු තාක්ෂණය පිළිබද අවබෝදයක් ලබාදීම හා එම දැනුම සංරක්ෂණය සදහා තොරතුරු හා සන්ණිවේදන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතය සඳහා දිරිගැන්වීමක් සිදුකිරීම කළ යුතුවේ. ශ්‍රී ලංකාවේ පවතින හෙළ වෛද්‍ය දැනුම සංරක්ෂණය කොට අනාගත පරපුර උදෙසා දායාද කිරීමට අප සියලුම දේනා ගේම යුතුකමක් ලෙස අවසානටය් හුවා දැක්විය හැක.
shanaka wanniarachchi
BA special library & Information Science
university of kelaniya
Comments
Post a Comment