මහජන පුස්තකාලයේ එකතු සංවර්ධන ප්‍රතිපත්තිය



එකතු  සංවර්ධනයේ අරමුණු පොත් පත් සහ මොත්පත් නොවන දෑ එක්රැස් කිරීම හා ඒවානිසි ලෙස සංවිධානයකිරීමයි.පුස්තකාලයට පොත් පත් නොවන දෑ ප්‍රතිග්‍රහණ ක්‍රියාවලියේ සිට මතකය වෙත ලබාදීමේ දක්වා වන සියලුම ක්රියාවලීන් මීට අයත් වේ.මතුගම මහජන පුස්තකාලය සදහා සම්පාදිත එකතු සංවර්ධන ප්‍රතිපත්තිය මෙයින්දෑක්වේ.
මෙහිදී පළමුව කල යුත්තේ පොත් තේරීම වේ.මෙහිදී අඩු මිලකින් වැඩි පතක පිරිසකට හොද කියවීමක් සදහා තේරීම්කලයුතුය.පොත් පත් තේරීමේ ක්රියවක්ලිය පොත් පත් තේරීම වශයෙන් හෙදින්විය හෙක.වැඩ පතක පිරිසක් ආවරණය වන පරිදි අවම මිලකට වඩාවටිනාකමකින් යුක්ත නොහොත් විෂය කරුණු වලින් අනුන ඉහල මට්ටමකින් ලියවී ඇති කරුණු වලින් අනුන ඉහළක මට්ටමකින් ලියවී ඇති පොත් තේරීම අවශ්‍ය වේ.
“මෙල්වින් ඩ්වී” පොත් පත් තේරීමේ අවශ්‍යතාවය හා වැදගත් කම තේරීමක් කරන අන්දම දක්වා ඇත.අදුමිලකින් විශාල පතක පිරිසකට හොද කියවීමක් සදහා මෙම මුලධර්මය මගින් පෙහැදිලි කරයි.ඒ සේම මහාචර්ය එස්.ආර් රංගනාදන් විසින් දක්වා ඇති පන්ච්නිති පොතේ තේරීම් නීති මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් මෙම තේරීම් සිදුකරනු ලැබී.
v  පොත් ඇත්තේ භාවිතය සදහාය.
v  සැම පාඨකයකුටම පොතක් තිබිය යුතුය.
v  සැම පොතකටම පාඨකයකු සිටිය යුතුය.
v  පාඨකගේ කාලය ඉතිරි කල දිය යුතුය.
v  පුස්තකාලය වැඩේන ආයතනයකි.
මෙහිදී පොත් හා පොත් පත් නොවන දෑ තේරීම සදහා තේරීම් ක්‍රම කිහිපයක්  පහත දෑක්වේ.
v  පාඨකයෝ
v  පුස්තකාල විධයකය හා අනෙකුත් කාර්යය මණ්ඩලය
v  විශේෂ පාඨක පිරිස.
v  පුස්තකාල කමිටුව.
            මෙම කාලවකවානුව තුලදී එකතුව යන යෙදුම පොත් සහ වාර සගරා වලට පමණක් සිමා නොවී වඩාත් පුළුල් පරාසයකින් යුත් වෙනත් භෞතික ස්වරූප වලට අයත් ද්‍රව්‍ය සදහාද භාවිතා කෙරේ.එමෙන්ම පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය සදහා වන පිරිවැය සාධාරණිකරණය කල යුතු වීමත් මුදල් හා වෙනත් සම්පත් වල සීමාසහිත භාවයත් නිසා එනම් හිගකම නිසා එකතුව ගොඩ නැංවීමේ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම කෙරෙහි පුස්තකලධිපතිවරුන්ගේ අවධානය යොමු කෙරුණි.ඒ අනුව,පුස්තකාල ද්‍රව්‍ය අපහරණය මෙන්ම පැවරීම පුස්තකාලයේ අරමුණු හා ඉලක්ක හදුනා ගැනීම  ද්‍රව්‍ය තේරීම අපහරණ ප්‍රතිපත්ති සැලසුම් කිරීමඑකතුව ගොඩ නැංවීමේ රටාවඅරමුදල්එකතුව ඇගයීමඑකතුව ගොඩ නැංවීමේ මිනුම් දඩු සකස් කිරීම යනාදිය පිළිබද අවධානය යොමු කෙරුණි.එකතු  මුදල්පුද්ගලයන් ඉඩකඩ යනාදියේ ඇති සීමිත බව එනම් හිගකම නිසාවෙනි.මේ නිසා එකතුව නඩත්තු කිරීම එකතු සංවර්ධන ක්‍රියාවලියේම කොටසක් බවට පත් වේ.යහපත්,ඵලදායි සහ කාර්යක්ෂම එකතුවක් ගොඩනැංවීම සදහා කරුණු කිහිපයක් බලපායි.එනම්,
  • 1.      කෙටිකාලින හා දිගුකාලින සැලසුම්
  • 2.      ප්‍රමාණවත් යටිතල පහසුකම්
  • 3.      එකතු සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
  • 4.      එකතු සංවර්ධන ශිල්ප ක්‍රම
  • 5.      ක්‍රියාපටිපාටි භාවිතය යනාදිය වේ.

පුස්තකාල එකතුව පිළිබද වූ විවිධ නිර්වචන බිහිවී ඇත.ඒවා නම්,
“කිසියම් පුස්තකාලයක් හෝ සංවිධානයක් මගින් කිසියම් එක් විෂයක් හෝ පැතිරුණු විෂය සමුහයකට එලෙස එකතු කරනු ලබන පොත්පත්, ලේඛන,තොරතුරු මාධ්‍ය,පොත් නොවන මාධ්‍ය හෝ විද්‍යුත් මුලාශ්‍ර ආදියෙහි සමස්ථ එකතුවක් පුස්තකාල එකතුව ලෙස හැදින්විය හැකිය.”

එකතු කළමනාකරණ ඒකකයේ කාර්ය මණ්ඩලය,පාඨකයන් හා කමිටු සාමාජිකයන් එක්ව පුස්තකාලයේ එකතු සංවර්ධන ප්‍රතිපත්තිය සම්පාදනය කල යුතු වේ.මෙය පුස්තකාල එකතුව නිවැරදි දිශාවකට යොමු කරලීමට උපකාරී වේ.එමෙන් මමුල්‍ය සිමා කිරීම් නිසා පැන නැගෙන ගැටළු යම්තාක් දුරකට සමනය කිරීමට ද මෙම ප්‍රතිපත්තිය සහාය වේ.එකතු සංවර්ධන ප්‍රතිපත්ති හා මුළ ධර්මයන් පුස්තකාලයක් විසින් භාවිත කල යුතු අත්‍යවශ්‍ය වූත්,ප්‍රභල වූත්කළමනාකරණ මෙවලමකි.අඛණ්ඩත්වය,සංගතභාවය සහ ඵලදායිත්වය සුරැකෙන පරිදි එකතුව ගොඩ නැංවීමට නියමුවක් වීම එකතු සංවර්ධන ප්‍රතිපත්තියේ අභිලාශය වේ.මෙය ව්‍යාකුලත්වයක් ඇති නොවන පරිදි ඉවසීමෙන් යුක්තව සකස් කල යුත්තකි.එහි න්‍යායාත්මක මෙන් ම ප්‍රයෝගික වශයෙන් ද මග පෙන්වන මූලධර්ම ඇතුලත් වීම අත්‍යවශ්‍ය වේ.
මතුගම මහජන පුස්තකාලයේ ප්‍රතිපති නාමය සි ඩබ් ඩබ් කන්නන්ගර පුස්තකාල එකතු සොවර්ධන ප්‍රතිපත්ති නාමය ලෙස හෙදින්වේ.
මේ අනුව මතුගම මහජන පුස්තකාලය 1962 වර්ෂයේ ආරම්භ කෙරුණා අතර මේ වන විට මතුගම ජනතාව වෙනුවෙන් පොත් 2056 ප්‍රමාණයක් මෙහි එකතුවට අඩංගු වී ඇත.මෙහිදී එවකට සිටි පුස්තකලධිපති මෙයට දුර්ලභ ග්‍රන්ථ 60 එකතුවක් නිර්මාණය කර තිබේ.
v පොත් ලබා ගැනීම:
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගෙන සංවිධාන කටයුතු සිදු කර ගෙන යන මතුගම සි ඩබ් ඩබ් කන්නන්ගර  මහජන පුස්තකාලය තම මවු ආයතනය වන මතුගම  ප්‍රාදේශීය සභාව හරහා පොත් ලබා ගැනීම සිදු කරයි.
v පොත් තේරීම:
විවිධ භෞතික ස්වරුපයේ ද්‍රව්‍ය වලින් පුස්තකාල සමන්විත වුව ද ඒ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නේ මුද්‍රිත පොතය.පුස්තකාලය විසින් එක් රැස් කරනු ලබන පොත් එහි පාඨකයාගේ අවශ්‍යතා වලට අනුකුල විය යුතුය.පොත් තේරීම හා එකතුව ගොඩ නැංවීම සදහා මුලික වශයෙන් වගකිව යුත්තේ පුස්තකලධිපතිය.ඒ අනුව මතුගම මහජන පුස්තකාලයේ පුස්තකාලධිපතිනිය තම ප්‍රදේශයේ පාඨක අවශ්‍යතා හදුනා ගනිමින් පොත් තේරීම සිදු කරනු ලබයි.තවද වර්තමානය වන විට මෙයට මුධ්‍රිත මාධ්‍ය එකතුවක් වර්ධනයක් යොදා ගෙනිමට කටයුතු කරනු ලබයි.
v  ප්‍රතිග්‍රහණය කිරීම
මතුගම මහජන පුස්තකාලය තුල ප්‍රතිග්‍රහණය ආරම්භ වන්නේ පොත් පත්  හා පත් පත් නොවන දෑ තේරීම් ක්‍රියාවලිය මගින් වේ.තවද මතුගම මහජන පුස්තකාලය 90% පමණ පොත් මිලදී ගනු ලබන්නේ ටෙනඩ්ර් ක්‍රමය මගිනි.මතුගම  මහජන පුස්තකාලයට අවශ්‍ය පුස්තකාල ද්‍රව්‍ය (පොත්,වාර සගරා,පුවත්පත් ආදිය) ප්‍රතිග්‍රහණය කිරීමකරනුයේ ඇතැම් විට වෙළදුන් වෙත කලින් දායකත්ව මුදල් ගෙවීමෙනි.විවෘත වෙලදපලෙන් ද පොත් මිලදී ගනු ලබයි.සමහර අවස්ථා වලදී ප්‍රකාශකයන්ගෙන්හෝ නිකුත් කරන ආයතනයෙන් ම ලබා ගනී.ඇතැම් අවස්ථා වලදී කිරිබත්ගොඩ ප්‍රදේශයේ ධනවත් පිරිස් විසින් පරිත්‍යාග ලෙස සගරා ආදිය ලබා දී ඇත.

මතුගම සි ඩබ් ඩබ් කන්නන්ගර  මහජන පුස්තකාලයට එකතු සංවර්ධන ප්‍රතිපත්තියක් භාවිතා කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාවය ගැන සලකා බැලීමේදී පුස්තකාලයෙන් සිදු කරනු ලබන වැඩසටහන් හා ක්‍රියා මාර්ග පිලිබදව හැදින්වීමක් කල යුතුය.එහිදී කිරිබත්ගොඩ මහජන පුස්තකාලය මගින් සිදු කරනු ලබන වැඩසටහන් දෙස අවධානය යොමු කර බැලීමේදීවි ශේෂ වැඩසටහන් කිහිපයක් පමණක් සිදු කර ඇත.එනම්,
1. Note ලබා ගැනීමේ වැඩසටහනක් පුස්තකාලය හරහා ක්‍රියාත්මක කිරීම.
2. ‘පුස්තකාලය භාවිත කිරීමේ වැදගත්කම’යන මාතෘකාව යටතේ රචනා තරගයක්     පැවැත්වීම.
3.සල්පිල්,පොත් ප්‍රදර්ශන,චිත්‍ර තරග,කථික තරග,ජන ගායනායනාදිය පැවැත්වීම.
4.පාඨක සංවිධාන ඇතිකර ඒ හරහා විවිද ප්‍රාදේශීය සංවිධාන සමග කටයුතු කිරීම.
එමෙන්ම මතුගම සි ඩබ් ඩබ් කන්නන්ගර  මහජන පුස්තකාලයේ ළමා අංශය විසින් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.විශේෂයෙන්ම සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස වලදී ළමා අංශයේ මැදිහත් වීම වැඩි වී ඇත.(ලෝක ළමා දිනය)


මතුගම  මහජන පුස්තකාලයේ එකතු සංවර්ධන ප්‍රතිපත්තියේ අරමුණු ලෙස අරමුණුපහත පෙන්වා දිය හැකිය.එනම්,
v  ග්‍රන්ථ ප්‍රකාශනයන්හි මනා එකතුවක් සපයා දීම සහ පවත්වාගෙන යාම

v  මතුගම ප්‍රදේශයේ ජනතාවගේ දැනුම වර්ධනයට  උපකාරී වන මුලාශ්‍ර වල එකතුවක් සපයා දීම 

v  ග්‍රන්ථ එකතුව පහසුවෙන් පරිහරණය කල හැකි පරිදි වර්ගිකරණ සුචියක්  සහ අනෙකුත් පරිශීලන පහසුකම් සපයා දීම

v  අනෙකුත් පුස්තකාල සහ මවු ආයතනය  සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගෙන යාම

   
එකතු සංවර්ධන ප්‍රතිපත්ති සාධක ගණනාවක් මත පදනම් වේ.එනම්,
1.     පුස්තකාල වර්ගය
2.     විවිධ පාඨක කණ්ඩායම් වල අවශ්‍යතා
3.     පුස්තකාලයේ ප්‍රමාණය
4.     වාර්ෂිකව එක් වන පොත් ප්‍රමාණය
5.     අපහරණ ප්‍රතිපත්තිය
6.     විවිධ විෂය ක්ෂේත්‍ර වලට සහ එහි අනු විෂයන්ට අයත් පොත් සංඛ්‍යාව
7.     පාඨක කණ්ඩායම් වල බුද්ධි මට්ටම
8.     එක් එක් ග්‍රන්ථයෙහි හා ග්‍රන්ථ කණ්ඩායම් වල ගුණාත්මකභාවය
9.     පාඨකයන්ගේ ගවේෂණ විධි
10. පුස්තකාල සුචිය වෙත ප්‍රවේශය
11. පොත් පරිහරණයේ අභිප්‍රායන්
12. අනුබද්ධිත සාධක වේ.
එකතු සංවර්ධන ප්‍රතිපත්තියේ දී එකතුව ගොඩ නැංවීමට භාවිතා කරනු ලබන උපාය මාර්ග සහ ශිල්ප ක්‍රම පිලිබදව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
          ඒ අනුව කිරිබත්ගොඩ මහජන පුස්තකාලයේ එකතුව ගොඩ නැංවීමට භාවිතා කරනු ලබන උපාය මාර්ග සහ ශිල්ප ක්‍රම විවිධ වේ.
1. අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
මතුගම මහජන පුස්තකාලය සදහා මුදල් ලෑබෙන ආකාර කිහිපයකි.
·        ප්‍රදෙසිය සභා අරමුදලින් වාර්ෂිකව වෙන්කරන ලද මුදල්.
·        ප්‍රමාද ගාස්තු.
·        සමාජික ගාස්තු.
·        ප්රිත්‍යාග
2.පොත් ප්‍රදර්ශන පැවැත්වීම
මෙහිදී විශේෂයෙන්ම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් පොත් ප්‍රදර්ශන හා අලෙවිය සිදු කරනු ලබයි.

3.ස්වයං නිෂ්පාදන අලෙවි කිරීම
මෙහිදී විශේෂයෙන්ම අත්කම් හා චිත්‍ර අලෙවි කිරීම පෙන්වා දිය හැක
එකතු සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මතුගම මහජන පුස්තකාලය වාර්ෂිකව පොත් ලබා ගැනීම සිදු කරයි.මතුගම ප්‍රාදේශීය සභාව මතුගම සි ඩබ් ඩබ් කන්නන්ගර  මහජන පුස්තකාලයේ මවු ආයතනය වන හෙයින් පුස්තකාලයට අවශ්‍ය පොත් එම ආයතනය මගින් ලබා ගැනීම සිදු කරයි.මෙහිදී පාඨකයන් හට අවශ්‍ය කරන ග්‍රන්ථ හා අනෙකුත් දෑ මොනවාදැයි දැන ගැනීම පිණිස අදහස් හා යෝජනා පෙට්ටියක්ද තබා ඇත.


මතුගම සි ඩබ් ඩබ් කන්නන්ගර මහජන පුස්තකාලය තුල එකතු සංවර්ධන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඉතා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කර ඇත.

1.    අන්තර් පුස්තකාල පිරුළු සේවය ක්‍රියාත්මක කිරීම 
මෙහිදී පාඨකයා හට අවශ්‍ය තොරතුරු මතුගම  මහජන පුස්තකාලය තුල නොමැතිනම් ඒවා වෙනත් පුස්තකාලයකින් ලබා දීම හෝ පාඨකයා අදාල තොරතුරු ඇති ස්ථානයට යොමු කරලීම සිදු කර ඇත.

2.    පාඨක සමාජයක් පිහිටුවා ගැනීම
මෙමගින් මතුගම  මහජන පුස්තකාලය වෙත අඛණ්ඩ පාඨක ප්‍රජාවකගේ සහය ලැබී ඇති අතර පුස්තකාලයට අවශ්‍ය මුල්‍ය සම්පත් ලබා ගැනීම සදහා පාඨක සමාජය හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

3.    මතුගම  පිහිටි තරුණ බෞද්ධ සමිති පුස්තකාලය සමග සමීප සබදතාවක්  පැවැත්වීම
මෙමසහයෝගිතාව නිසා  පුස්තකාල දෙකේම සිටින පාඨකයන් හට අවශ්‍ය තොරතුරු ඉක්මනින් හා පහසුවෙන් ලබා ගත හැකි වීම.

සමස්තයක් ලෙස ගත් කල මතුගම  මහජන පුස්තකාලය එකතු සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථක ලෙස සිදු කර ඇත.

 P.W.A.S.DRansara























                                                                                    
                                                                                    


Comments